මම වැඩ කරන්නෙ කොළඹ නම දේශානි. මගේ ගෙවල් තියෙන්නේ කලුතර. හැදුනේ වැඩුනේ කොළඹ වුනාට marry කරාට පස්සේ සහන්ගේ ගෙදර පදින්චි වුනා. A/L කාලේ හමුදාවේ කොල්ලන්ට තිබ්බ පිස්සුවට සහන්ව marry කරාට දැන් නම් හිතෙනවා මේක කර ගත්තේ අපරාදේ කියලා. සහන් army එකේ major කෙනෙක්, එයාගෙ camp එක Trinco. මාසෙකට සැරයක් විතර ගෙදර එන එක මට දැන් පුරුදු වෙලා. Job එකට යන්නෙත් ගෙදර ඉන්න කම්මැලි නිසා. සහන් යන්න එපා කියුවත් ගෙදර ඉන්න කම්මලි නිසා job එකෙන් නැවතුනේ නෑ.
සහන්ගේ අම්මා විතරක් ඉන්න නිසා මටත් එහෙ පදින්චි වෙන එකට මොකුත් කියන්න බැහැ. අම්මා නම් හරි හොඳයි, අහින්සකයි, ඒත් ඉතින් Colombo හැදුන වැදුන මට මෙහේ තනියෙන් ඉන්න එක එපා වෙනවා. Marry කරන්න කලින් මගේ හැම යාලුවාම කියුවේ army එකේ කොල්ලෙක් බඳින එක love කලන කාලේ තරම් ආතල් එකක් නෑ කියලා. නිදහස තිබුනට marry කරලත් කොල්ල ගෙදර නැති එක නම් මට තදටම දැනෙනවා. ගෙදරට වෙලා සැප පහසුවෙන් ඉන්න තිබිලත් හැමදාම උදේ පාන්දර නැගිටගෙන වැඩට එන්නේ ඒකයි. මුලින් මුලින් කාර් එක drive කරන් කොලඹ ආවත් traffic එකේ driving ටික දවසකින් මටම එපා වුනා. Office එකේ යාලුවෝ එක්ක train trip එකට ටික ටික මම පුරුදු වුනා. සෙනග අස්සේ තෙරපි තෙරපි ආවට යාලුවෙක් එක්ක මොනවා හරි කියවා කියවා එන එකනේ. අද වගේ දවසට තමා ටිකක් කම්මැලි. ටානියා අද නිවාඩු නිසා මම තනියම station එකට ආව. මේ ගෑනි අදනම් sure එකටම කොටුවක් පනින්න ඇති, නැත්නම් ඊයේ හොඳට හිටිය ගෑනි අද එක සැරේම අසනීප වුනේ.