මේ කතාව නම් ඇන්ටිත් වගේ අක්කා කෙනෙක් ගැන.ඔක්කොම කියවන්න නැත්නම් වැඩක් නෑ ලියන එකෙනුත් යාලු.කැම්පස් ඉන්න කාලේ වුන වැඩක්.මට කේක් එකක් හදාගන්න ඕනි වුනා කෙල්ලෙක් සප්‍රයිස් කරන්න තමයි ඕනි වුනේ.කොහොමහරි ලස්සන කේක් එකක් අඩු ගානට කරගන්න තමයි ඕනි කරලා තිබුනේ.
ඔය කතාව මං මගේ ලඟම යාලුවට කිව්වාම ඌ කිව්වා මං දන්න ඇන්ටි කෙනෙක් නම් ඉන්නවා මේ කිට්ටුව මාත් එතනින් තමයි කේක් ඩිසයින් කරගන්නේ මගේ කෙල්ලට කියල.මාත් ඉතින් කොහොමහරි වැඩේ කෙරෙනවා නේද කියලා දවසක් දාගෙන ඌත් එක්ක ගියා කේක් ඇන්ටිව හම්බවෙන්න.ටවුන් එකේම තිබුන ශොප් එකක්.ඇන්ටි විතරයි කඩේ ඉන්නේ.අපි ඉතින් කේක් ඩිසයින් එහෙම බලලා විස්තර කතා කර කර හිටියා.පස්සේ ඇන්ටිගේ නම්බර් එකත් ඉල්ලගත්තා ඕඩර් එක දාන්න ඕනි නිසා.