මේ කතාව මම මෙතෙක් ලියපු කතා වලට වඩා සෑහෙන්න වෙනස්. මේක මට කියපු කෙනා එක්ක මම මේ කතාවට අදාල පැත්තෙ බයිසිකලෙන් රවුමක් ගියා. කතාවට අදාලා තැන් මම දෑහින්ම දැක්කා.මේ කතාවෙ ප්රධාන සිද්ධි මාලාව 100% ක්ම ඇත්ත. ඒත් ඒකෙ ශෘංගාරාත්මක කොටස් වලට මම අතිනුත් දාලා ලියන්නම්. මේ සිදුවීම් පටන් ගත්තෙ මීට අවුරුදු හත අටකට කලින් බණ්ඩාරගම කියන නගරයට කිලෝ මීටර දෙක තුනක් ආසන්නව ප්රධාන පාරට ටිකක් ඈතින් තියෙන ගමක.
මම ඒ ගමේ නම කියන්නෙ නැහැ.බණ්ඩාරගම ප්රදේශයේ හිටියා බොහෙම ධනවත් වංශවත් පරම්පරාවක්. ඒ ගොල්ලන්ට අයිති ඉඩම් සෑහෙන්න තිබුණා. මේ පරම්පාරවෙ බණ්ඩාරගමට ආව පළවෙනි පුද්ගලයා උඩරටින් කසාදයක් කරගත්ත දකුණේ කෙනෙක්. මුදලි මුහන්දිරම් තනතුරු දරපු එයාගෙ පුතාලා දුවලා අතර මේ ඉඩම් බෙදිලා ගියා. අපේ කතාවට අයිති ගමේ තමයි මේ පරම්පරාවෙ අන්තිම පුරුක් ජීවත් වුණේ. ඒ අයට තිබුණ ඉඩම් සෑහෙන්න ප්රමාණයක් ඒ වෙනකොට නඩු හබ වලින් නැති වෙලා නැත්නම් විකිණිලා තිබුණා.අක්කර 6ක විතර විසාල ඉඩමක තිබුණ පරණ වලව්වක තමයි මේ අය ජීවත් වුණේ. මේ පවුලෙ හිටියෙ දුවෙකුයි පුතෙකුයි. දෙන්නම හොඳ උස මහත වැදගත් පෙනුමැති අය. දුව නෙලුම්. පුතා චන්න. ඒත් අන්තිමට මේ දුව අඩු වයසෙන්ම දුප්පත් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඒ සම්බන්දෙට ගෙදරින් අකමැති වුණ නිසා පැනලා ගියා. පුතා සමාජවාදියෙක් වෙලා පස්සෙ බේබද්දෙක් වෙලා ගමෙනුත් ගියා.අන්තිමට අර වයසක ජෝඩුව මහ ගෙදර තනි වුණා. ඒත් අර දුව බැන්ද