චලනි








  






සති දෙකක පමණ කාළයකට පසු ඉතා අමාරුවෙන් මට නැවතීම සඳහා නවාතැනක් සොයා ගැනීමට හැකිවිය. වයස අවුරුදු 50 කාන්තාවක් පමණක් ජීවත්වූ එහි ඉදිරිපස කාමරය මට වෙන්කොට තිබුනු අතර වෙනමම දොරක් එලියට යාම සඳහා සාද තිබුනි, පරණ ගෙයක් වූ එහි අවට වල්බිහිවී තිබුනි. කාමරය තුල මට නිදා ගැනීමට ඇඳක් සමග මේසයක් සහ පුටුවක් තබා තිබුනි. ගමන් මලු දෙක බිමින් තැබූ මම ඇඳේ වාඩිවී මගේ ජීවිතයේ අනාගත අවිනිෂ්විත බාවය ගැන කල්පනා කිරීමට පටන් ගතිමි,

                                                                 මගේ මවුපියන් මට ලබාදුන් නම යසිරු ය. මම කුඩා කාළයේදීම මගේ මව හදිසි අනතුරකින් මෙලොව හැරයාම මගේ අවාසනාවේ ආරම්භය විය. පසුව තාත්තා නැවත විවාහ වී කුඩම්මා කැන්දාගෙන ආවත් ඇය මට සැලකීමක් දැක්වූයේ නැත. කෙසේ වෙතත් තාත්තා සැමවිටම මා ගැන සොයා බැලීම නිසා ඇය මට වෙනස් කම් කිරීමට බය විය. තාත්තාට එම විවාහයෙන් දරුවන් දෙදෙනනෙකු ලැබුන නමුත් මා උසස් පෙළ කළ පසු ඔහුද මෙලොව හැර ගියේය. එම සිදුවීමෙන් පසු කුඩම්මා සහ ඇයගේ නෑදෑයින් මට දැඩිසේ වෙනස්කම් කිරීමට පටන් ගත්හ. අවසානයේ ගෙදර එපාවූ මා, ඇඳුම් කිහිපයක් සහ එකතුකළ කුඩා මුදලක් පමණක් ගෙන, නැවත නො එන අදහසද ඇතැතිව ගෙදරින් පිටවිය. ගෙදරින් පිටවූ පසු ජීවිතයේ කර්කෂ බව මට අවබෝද විය. මුලදී අත තිබු මුදල්, කෑම සහ නවාතැන සඳහා භාවිතා කළත් සිතූ පරිදි රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මුුුදල්ද හිඟවිය. එසේම මම ස්වභාවයෙන්ම කෙට්ටු අනෙක් පිරිමින්ට වඩා උසින් අඩු පුද්ගලයෙක් වූ නිසා ලබා ගතහැකි පහසුම රැකියාව වූ කුළී වැඩද දිගටම කරගත නොහැකි විය. කෙසේ වෙතත් මා කුලී වැඩ කල ස්ථානයක අයිති පුද්ගලයෙක් මගේ විස්තර දැනගෙන මට දුෂ්කර පෙදසක NGO එකකට සම්බන්දව තාවකළික රැකියාවක් ලබා ගැනීමට උදවු කළේය. රැකියාව සඳහා පැමිනියත් මට නැවතීම සඳහා තැනක් තිබුනේ නැත. පසුව රැකියා ස්ථානයේ අය මට උදවු කර මෙම පරන ගෙදර මට නැවතීම සඳහා සකස් කර දෙන ලදහ. එහි සිටි කාන්තාවද අවශ්‍යතාවයකට මිස මා සමග කතාවට පැමිනියේ නැ


මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post