තිලිණි කියන්නෙ අපේ සිංහල පන්තියේ ඉදපු ලස්සනම කෙල්ල.ඒකිට තිබ්බෙ හරිම හුරතල් පෙනුමක්.ඒකිගෙ වැඩත් ඒ වගේම හුරතල්.කතා කරද්දි අගර දගර දදා කතා කරන විදිය ඇත්තමයි බලන් ඉන්න ආසයි. ඉතින් ඔයාටත් හිතාගන්න පුලුවන් නේද පහල තියෙන පින්තූරෙ දැක්කම තිලිණි කියන්නෙ කොච්චර ස්වීට් කෙල්ලෙක් වෙන්න ඇතිද කියල.
ඔන්න ඉතින් මම මේ කියන්න යන සිද්දිය සිදු f දවසෙ උදේ ඉදන්ම මොර සූරන වැස්ස.විභාගෙත් කිට්ටු නිසා නොගිහින්ම බැරි නිසයි මම නම් එදා සිංහල පන්තියට ගියේ.
හතර වටේම මොරසූරන වැස්ස, වැස්සෙ සිරි බිරිය නිසා පංතියේ උගන්වන දේවල් කිසිම දෙයක් හරියට ඇහුණෙ නැහැ. වෙනදා වගේ නෙමෙයි එදා පන්තියට ඇවිල්ල තිබුනෙත් බොහොම ටික දෙනයි.වැස්ස නිසා ළමයි පන්තියේ ඉන්නේ අකමැත්තෙන් වගේ කියලා සර්ට තේරෙන ඇති, ඒ නිසාමද කොහෙද සර් එදා පන්තිය කලින්ම ඉවර කළා. පන්තිය කලින්ම ඉවර කලාට මොකද වැස්ස නම් නතර වෙලා තිබුනේ නෑ.