මේ කතාව වෙනකොට අපි බැඳලා අවුරුදු 3ක් ගිහින් ඇති. එතකොට අපිට ළමයි හිටියේ නෑ. මගේ වයස 33ක්, වයිෆ්ට 30යි. අපි දෙන්නම එකම පෞද්ගලික බැංකුවක වැඩ කළේ. පදිංචි වෙලා හිටියා කොළඹමයි. වයිෆ්ව මට හම්බුනෙත් බැංකුවෙන්. එයාගෙ ගෙවල් මාතලේ. බැන්දට පස්සේ එයා මාරුවක් අරන් කොළඹට ආවා. මාතලේ කෙල්ලෝ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඕනේ කෙනෙක් කැමතියි කේතලෙන් මල්ලක් (මාතලෙන් කෙල්ලක්) ගන්න. මට ඉතින් බැංකුවට පින් සිද්ද වෙන්න ඒ චාන්ස් එක ලැබුනා. වයිෆ්ගේ නම ප්‍රබෝදි.
අපරාදේ කියන්න බෑ නමටම ගැලපෙන පෙනුම. ඕනෙ කෙනෙක් එයාව දැක්කම ප්‍රබෝධමත් වෙනව. එයා වුනත් හොඳ ප්‍රබෝධමත් කෙනෙක්. ටිකක් ලොකු කම තියෙනවා. හැබැයි ඕනේ කෙනෙක් එක්ක හොඳට කතා බහ කරලාඉන්නවා. ඒ නිසාම එයා වැඩ කරන ඔෆිස් වල අයත් එයාට ගොඩක් කැමතියි වගේම එකතුයි. කොහොම හරි එයා කොළඹට ආවම එයාට යන්න වුණේ මාකටින් ටීම් එකකට. ඒ කියන්නේ තැන තැ